fbpx
තවත්
    මුල් පිටුවspecialජනපති පලා යයි- ලෙයින් තෙත්වූ සිරියාවට නව යුගයක්

    ජනපති පලා යයි- ලෙයින් තෙත්වූ සිරියාවට නව යුගයක්

    සිරියාවේ අල්-අසාද් පාලනයේ වැටීම නිවේදනය කරමින් එරට කැරලිකරුවන් ඩමස්කස් අගනුවර නිදහස් කරගත් බව නිවේදනය කර තිබේ.

    විදෙස් වාර්තාවලට අනුව ‘කෲර පාලක බෂාර් අල්-අසාද් පලා ගොස් ඇත’ යනුවෙන් එරට සන්නද්ධ විපක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත.

    ‘අපි දමස්කස් නගරය කුරිරු බෂාර් අල්-අසාද්ගෙන් නිදහස් කරගත් බව ප්‍රකාශ කර සිටිමු.’ ඔවුහු තවදුරටත් අවධාරණය කරති.

    අසාද් පාලනයේ අවසානය ගැන ප්‍රීතිවන අගනුවර ජනතාව නගරයට රැස්වී එය සමරන බවට විදෙස් වාර්තාවල සඳහන් ය.

    29 හැවිරිදි නීතිඥ ඔමාර් ඩහර් ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත පැවසුවේ ඔහුගේ පියා ආරක්ෂක අංශ විසින් මරා දැමූ බවත් ඔහුගේ සහෝදරයා අත්අඩංගුවේ පසුවන බවත් ඔහුගේ ඉරණම නොදන්නා බවයි. අසාද් “අපරාධකාරයෙක්, කුරිරු පාලකයෙක් වගේම බල්ලෙක්,” ඔහු පැවසීය.

    අසාද් පාලනයේ වැටීම සිරියාවට අතිශය තීරණාත්මක ය.

    කලාපීය සහ ජාත්‍යන්තර බලවතුන්ගේ ප්‍රොක්සි යුධ පිටියක් බවට පත් වූ කුරිරු සිවිල් යුද්ධයක් මධ්‍යයේ රට කෑලි කැලීවලට කැඩෙන විටත් ජනාධිපති අසාද් වසර 14ක් බලයේ එල්ලී සිටියේය.

    සිරියානු යුද්ධය මිලියන භාගයකට ආසන්න ජනතාවක් මරා දමා ඇති අතර රටේ යුද්ධයට පෙර ජනගහනය වන මිලියන 23 න් අඩක් අවතැන් කර ඇත.

    මිලියන ගණනක් සිරියානුවන් දේශසීමා හරහා ජෝර්දානය, තුර්කිය, ඉරාකය, ලෙබනනය වෙත සහ යුරෝපයට පලා ගියහ.

    කටාර්හි සිරියානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් අසාද් පාලනයේ වැටීමෙන් පසු ‘සිරියාව කුරිරු ග්‍රහණයෙන් මුදා ගැනීම’ සහ ‘ඉතිහාස පොතේ නව කීර්තිමත් පිටුවක් පෙරළීම’ පිළිගනිමින් ප්‍රකාශයක් නිකුත් කළේය.

    කැරළිකරුවන් දැන් එරටට ‘නව යුගයක් උදාවු’ බවට නිවේදනය කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img