කරදියනාරු පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පැදවූ ඔහුට අයත් පුද්ගලික ජිප් රථයේ ගැටී පුද්ගලයකු තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුලත්කර ඇත.
මෙම අනතුර සිදුව ඇත්තේ චෙන්කල්අඩි – මඩකලපුව මාර්ගයේ එරාවුරු පොලිස් වසමේ කායන්කුඩා ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී කාලයේදීය.
මෙම අනතුරත් සමඟ කරදියනාරු පොලිස් ස්ථානාධිපතිවරයා අනතුරින් පසු කම්පන තත්ත්වයකට පත්වූ බව පවසා චෙන්කල්අඩි රෝහලට ඇතුලත් වූ බව එරාවුර් පොලීසිය කියයි.
රිය අනතුර සම්බන්ධයෙන් කරදියනාරු පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව නීතිමය පියවර සියල්ලක් ගන්නා බවත් මෙම අනතුර ගැන පොලිස් මූලස්ථානය පවා දැනුවත් කර ඇති බවත් එරාවුර් පොලීසිය සඳහන් කළේය.