ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ පිහිටි අ.පො.ස උසස් පෙළ විභාග මධ්‍යස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරියෙක් බීමතින් කළහාකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇත්තේ ඇඹිලිපිටිය පොලීසියේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකි.
මෙම කොස්තාපල්වරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙක් පසුගිය 09 වෙනිදා උදෑසන සිට විභාග මධ්‍යස්ථානයේ ආරක්ෂාවට යොදවා සිට ඇත. ඒ අය අතර සිටි කොස්තාපල්වරයෙක් බීමතින් සිට ඇති අතර ඔහු කලහාකාරී ලෙස හැසිරෙමින් එම කණ්ඩායමේ සිටි සැරයන්වරයෙක්ටද පහරදී ඇත.
පොලිස් සැරයන්වරයාගේ උඩුතොලට තුවාල සිදුව ඇති බවත් ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබා ඇති බවත් ඇඹිලිපිටිය පොලීසිය සඳහන් කළේය.