ක්‍රිකට් තහනමකට ලක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට අද (11) සිට ඔහුට සියලුම ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලැබී තිබේ.
ඒ ඔහුට පනවා තිබූ වසර 03ක ක්‍රිකට් තහනම මාස 3 දක්වා අඩු කර කිරීමත් සමඟයි.
පෙර පැවති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තහනම් උත්තේජක ලබාගත් බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.
මේ බව අනාවරණය වී තිබුණේ ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය (SLADA) විසින් සිදුකරනු ලැබූ පරීක්ෂණයේදී ය.
ඒ සමග නිරෝෂන් දික්වැල්ලට නැවත දැනුම්දෙන තුරු සියලුම ක්‍රිකට් තරග තහනම් කිරීමට බලධාරීහු පියවර ගත්හ.
අදාළ තහනමට එරෙහිව දික්වැල්ල සිය නීතිඥවරුන් මඟින් අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම තහනම අඩුකිරීමට කටයුතු කර ඇත.