පියා විසින් කපමින් සිටි දිරාගිය කොස් ගසක අත්තක් හිසට වැදි 13 හැවිරිදි දරුවෙක් මියගොස් ඇතැයි ගොඩකවෙල පොලීසිය සඳහන් කළේය.
ගොඩකවෙල, රන්වල, වෙළඟපොල පදිංචිව සිටි එස්.ටී. ලක්ෂාන් නැමැති දරුවා මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.
මෙම දරුවාගේ පියා විසින් ඊයේ සවස සිය නිවස අසල තිබුණු දිරා ගිය කොස් ගසක් කපා බිම දැමීමේදී එම ගස කඹයක් ආදාරයෙන් අල්ලා ඇද ඇත්තේ මෙම දරුවා සහ තවත් පුද්ගලයකු විසින් බව පොලීසිය සඳහන් කරයි. කොස් ගසේ අත්ත සරුවාගේ හිසේ වැදී ඇත්තේ ගස බිම වැටීමේදීය.