හදිසියකට ගමනක් යන්නැයි කියා සහෝදර ගුවන් හමුදා සෙබලුන්ගේ යතුරුපැදි රැගෙනගොස් උකස් කළ ගුවන් හමුදා සෙබලෙක් කොටදෙණියාව පොලීසිය ඊයේ අත්අඩංගුවට ගත්තේය.
කොටදෙණියාව කිතුල්වල ගුවන් හමුදා කඳවුරේ සේවයේ නිරතව සිටින්නෙක් වන මෙම ගුවන් හමුදා සෙබලා 29 හැවිරදි වියේ පසුවන රජවැල්ලේ පදිංචිකරුවෙකි.
ගුවන් හමුදා සෙබලු සිව් දෙනෙක් විසින් කොටදෙණියාව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත. සැකකරු අත්අඩංගුවට ගෙන යතුරුපැදිද පොලීසිය විසින් සොයාගෙන ඇත.