ඉමිටේෂන් ආභරණ අලෙවිකරන වීථි වෙළෙන්දෙකුගෙන් මාලයක් , පෙන්ඩනයක් සහ මුද්දක් සොරාගත් පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ සේවයේ නිරතව සිටි එම පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේද එම ඒකකයේ නිලධාරීන් විසින් වීම විශේෂිතය.
මරදාන ටෙක්නිකල් හන්දියේ පිහිටි පොලිස් විශේෂ විමර්ශන ඒකකය අසල මාර්ගයේ රැදෙමින් ඉමිටේෂන් මාල මුදු සහ පෙන්ඩන් අලෙවි කරන මෙම වෙළෙන්දාගේ භාණ්ඩ පරීක්ෂාකරන මුවාවෙන් පොලිස් නිලධාරියා විසින් සොරකම සිදුකර ඇත.