ඕස්ට්‍රේලියාවේ කුවින්ස්ලන්ඩ් ප්‍රාන්තය තුල වයස අවුරුදු 10ක් වැනි කුඩා දරුවන්ද වැඩිහිටියන් සේ සලකමින් දඩුවම් නියම කිරීමට අවකාශය සලසා දෙන නව නීතියක් සම්මත කර තිබේ.
ඒ අනුව කුඩා දරුවන් හටද මනුෂ්‍ය ඝාතන, බරපතල ලෙස පහරදීම් සහ ස්ථාන වෙත අනවසරයෙන් ඇතුළු වීම යන වරදවල් සඳහා වැඩිහිටියන් හට නියම වන දඬුවම් නියම කිරීමට මෙම නීතිය අවකාශය සැලසීම සිදුකරයි.
බාලවයස්කරුවන් විසින් සිදුකළ අපරාධ සම්බන්ධයෙන් නිතීය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රජාව තුලින් ඇති වූ විරෝධාවලට ප්‍රතිචාරයක් ලෙස කුවින්ස්ලන්ඩ් ප්‍රාන්ත මෙම නව නීතිය සම්මත කිරීමට පියවර ගෙන තිබේ.
මේ අතර නව නීතිය සම්බන්ධයෙන් බොහෝ ප්‍රවීණයන් පෙන්වා දී ඇත්තේ දැඩි දඩුවම් මගින් තරුණ අපචාර අඩු නොවන බවත්, එය තවත් උග්‍ර කිරීමේ හැකියාවක් පවතින බවයි.
ඉකුත් ඔක්තෝම්බර් මාසයේ පැවති ප්‍රාන්ත මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ලිබරල් ජාතික පක්ෂය “අපරාධකරුවන්ගේ අයිතීන්” වලට වඩා “වින්දිතයන්ගේ අයිතිවාසිකම්” ඉදිරියෙන් තබන බව පවසමින් මෙම නව නීති ගෙන ඒම සිය මැතිවරණය ව්‍යාපාරයේ ප්‍රබල පොරොන්දුවක් බවට පත්ව තිබිණි.
මෙම නව නීති සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයද සිය අප්‍රසාදය පළකර ඇත.
කෙසේ වෙතත් මෙම නව නීතිය සම්බන්ධයෙන් කුවින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොලිසිය සිය ප්‍රසාදය පල කර ඇති අතර එමගින් අපරාධ සංඛ්‍යාව පහල දැමීමට විශාල පිටිවහලක් වනු ඇති බවට ඔවුන් පෙන්වා දී තිබේ.