fbpx
තවත්
    මුල් පිටුව බ්ලොග්

    ජොර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයෙන් ඇරඹි ඇමරිකාවේ කලු සුදු කැරැල්ල

    ඇත්ත වශයෙන්ම අමෙරිකාවේ ජාති භේද වාදය හිස ඔසවා ඇද්ද?මෙය දීර්ඝ කාලයක් තිස්සේ අමෙරිකාව මුහුන දෙන බලවත් අභියෝගයක්ද? අප්‍රිකානු අමෙරිකානුවන්(African American ) යනුවෙන් හදුන්වන්නේ කවුරුන්ද? කලු ජාතිකයන් අමෙරිකාව විසින් කුනු බක්කියට දමා තිබේද ? මෙහි කලු ජාතිකයන්ට රජයේ සමාජයේ හෝ පුද්ගලික ආයතන වල ඉහලටම යාමට ඉඩ ලබාදී නැද්ද? අමෙරිකාවේ පාතාල කල්ලි මෙහෙය වන්නේ ,මත් ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන්නේ බොහෝ අපරාධ වල නිරත වන්නේ, රැකියා නොකර රජයෙන් වැඩි වැඩියෙන් ආධාර මුදල් හා සහනාධාර ලබා ගන්නේ සොරකම් වලට ස්ත්‍රි දූශන වලට මුල් තැන දෙන්නේ මේ කලු ජාතිකයන්ද? මෙම ලිපිය මාර්ගයෙන් ඉහත සදහන් ප්‍රශ්න වලින් ප්‍රශ්න කීපයකට හෝ වසර 38ක මගේ අමෙරිකා අත් දැකීම් අනුසාරයෙන් ගවේෂණාත්මකව පිලිතුරු ඉදිරිපත් කෙරේ.

    2020 මැයි 25 දා මිනියාපොලිස් මිනිසෝටා හිදී සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් කලු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්(GEORGE FLOYD ) බෙල්ල පාගා ගෙන සිටිමින් හුස්ම හිරකර මරා දැමුවේය. තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද එය බලාගෙන සිටියහ . මේ අමානුෂික මිනීමැරුම ඇතමුන් වීඩීයෝ ගත කලේ හොලිවුඩ් චිත්‍රපටයක් රූ ගත කරන අයුරිනි . මැයි 25 දා ඩෙරෙක් චවින්(DEREK CHAUVIN) නැමති සුදු ජාතික පොලිස් නිලධාරියා විනාඩි 2යි තත්පර 53ක කාලයක් මෙසේ කලු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ බෙල්ල පාගා ගෙන සිටි බව කියනු ලැබේ . කලු ජාතිකයාගේ මරනය සිදුකල ඩෙරෙක් චවින් සහ එහි සිටි ඇලෙක්සැන්ඩර් සහ තෝමස් යනඅනිත් පොලිස් නිලධාරීන් දෙදෙනා වහාම අත් අඩංගුවට ගනු ලැබූහ . ඔවුන්ට ඇප ලබාදීම උසාවිය මගින් ප්‍රතික්ෂේප කරනු ලැබීය . ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව බලධාරින් නිවේදනය කලහ. මේ මුලු මහත් සිද්ධි සමුදායේ සම්පිණ්ඩනය මෙයයි .

    මේ සිද්ධියෙන් පසු මුලු අමෙරිකාව ම ගිනි ගත්තේ ය. කොරෝනා මකරා ? ගේ ග්‍රහනයට හසුවී ලක්ශ 19 ක් පමන (18,22,392) රෝගීන් බවට පත්වී එක් ලක්ශ පන්දාහකට (1,05,704) වැඩි පිරිසක් මියගොස් ඇති මොහොතක අමෙරිකාවේ සිදුවෙමින් පවතින මේ භීෂණකාරී වාතාවරණය කෙසේ සමතයකට පත්වනු ඇද්ද? කෙසේවුවත් මුලු මහත් අමෙරිකාවේ ප්‍රධාන නගර 60 ක පමන දැන් පවතින්නේ යුද්ධයක් වැනි කෝලාහලය කි . වඩාත් බිහිසුණු ස්වාභාවය ක් පවතින්නේ ලොස් ඇන්ජලිස්හි සාන්ත මොනිකා (LA -SANTA MONICA ),චිකාගෝ , නිව්යෝර්ක් ,හා වොෂින්ටන් ඇතුළු තවත් නගර 47 කය. මිනසෝටාහි පොලිස් මිනීමැරුම සිදුවී දින 5 කට පසු එහි සිට කි මී 1000,2000,5000හා කි මී 6000 ටත් වැඩි දුර පිහිටි විවිධ නගර වල මෙසේ හොරුන් මංකොල්ල කරුවන් අපරාධ කරුවන් කුඩු කාරයින් පාතාල කල්ලි මෙහෙය වන්නන් ම්ලේච්ඡ අයුරින් නීතිය සියතට ගනිමින් හැසිරීම ඉමහත් ඛේදවාචකයකි. පොලිසියට එරෙහිව ඇරඹු කැ රැල්ල දැන් අමෙරිකා රජයට එරෙහි විප්ලවයක් බවට පත් වෙමින් පවතී. බලධාරින් පොලිසියට නියෝග කර ඇත්තේ කුමන හේතුව කටවත් උද්ඝෝෂකයන්ට වෙඩි නොතබන ලෙසටද ගිනි අවි භාවිතා නොකර න ලෙසටයි. නගර 50 කට වැඩි සංඛ්‍යාවක ගොඩනැගිලි 1000 කට වඩා ගිනි තබා ඇත . විවිධ ප්‍රාන්ත වල තුවාල ලබා ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 900 ඉක්මවා තිබේ . පොලිස් වාහන 200ක් පමන ගිනි තබනු ලැබීය . දැවැන්ත වෙළඳ ශාලා කඩා සොරකම් කල භාන්ඩ වල වටිනාකම ඩොලර් බිලියන ගනනකි. උද්ඝෝෂකයන් ගෙන් සියයට 90 ක් පමන කලු ජාතිකයන් ය. සුදු ජාතිකයන් සහ ස්පාඤ්ඤ භාශාව කතා කරන (SPANISH ) අයද දීප ව්‍යාප්ත උද්ඝෝෂනවලට සහභාගි වී සිටිති. පොලිස් රථ ගිනි තැබිම,පොලිස් නිලධාරීන්ගේ මුහුනට කෙල ගැසීම ,පොලිස් වාහන වල තීන්ත ගෑම ,ගල් මුල් වලින් පහර දීම ,පොලිසියට ජල ප්‍රහාර එල්ල කිරීම පොලිසියට ලංකාවේ පාර්ලිමේන්තුවේ මෙන් මිරිස් කුඩු ප්‍රහාර එල්ල කිරීම කලු ම්ලෙච්ඡයින් (කලු ජාතිකයන් සියල්ලන්ම නොවේ ) බී එම් බබ්ලිව් බෙන්ස් ආදී වාහන සොරකම් කරගෙන පැමිණ දැවැන්ත සාප්පු සංකීර්ණ වලින් ඩොලර් කෝටි ගනන් වටිනා විද්‍යුත් උපකරණ (ඇපල් ජංගම දුරකථන ,ලැප් ටොප් ,කොම්පියුටර් ,රූපවාහිනී යන්ත්‍ර ආදිය) සොරකම් කර එම රථ වලට පටවාගෙන නීතිය බල්ලට ? දමා පලා යාම කොරෝනා මරගාතයට මුවාවී මුහුනු ආවරන(මාස්ක්) සහ වෙස් මුහුනු හදුනා ගැනීමට නො හැකි අයුරින් දමා ගෙන අවිනීත ලෙස හැසිරීම මා පසුගිය දෙදින තුලිදී අමෙරිකාවේදී දුටු අප්‍රසන්න සිද්ධීන්ය.එමෙන්ම මේ ජරමර අස්සේ නීති විරෝධී සංක්‍රමණිකයන්ද කොරෝනා වසංගතය නිසා රැකියා අහිමි වූවන්ද තම ඉල්ලීම් ඉදිරිපත් කරමින් ට්‍රම්ප් ජනපති පතුරු ගසමින් මහමගට බැස ඇති අයුරු ද දුටුවෙමි .

    මෙසේ රටේ අවදානම් තත්ත්වයක් පවතිද්දී රාජ්‍ය බලය අල්ලා ගැනීමට දේශපාලකයන් රිපබ්ලික් (අලියා )සහ ඩිමොක්‍රැටික් (බූරුවා) වශයෙන් දෙපිලකට බෙදී ගහ මරා ගනිමින් කුලල් කා ගන්නා අයුරුද දුටුවෙමි . බොහෝ මාධ්‍ය වාර්තා දක්වා තිබුනේ ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය පහත බසිමින් පවතින බවය. 1906 අට්ලාන්ටා 1917 සෙන්ට් ලුවිස් 1919 ඔමාහා හා ච්කාගෝ 1921 ඔක්ලහෝමා,1943 ඩෙට්‍රෝයි,1967 නෙවාර්ක්,1968 නගර 125 ක,1991 ලොස් ඇන්ජලිස්හිදි කළු ජාතිකයන්ගේ පීඩනය ඉස්මතු විය . කලු ජාතිකයන්ගේ උන්නතිය උදෙසා උදාර සටනක නිරත වූ මාටින් ලූතර් කිං 1968 අප්‍රෙල් 4දා මරා දැමූවිට එදා අමෙරිකාව පුරා සති කීපයක්ම මෙසේ උද්ඝෝෂන සිදුවිය . අමෙරිකාවේ කලු ජාතිකයන් වෙනුවෙන් ඔහු එදා දිවි පිදූ විට ඔහුගේ වයස අවුරුදු 39 කි, වොෂින්ටන් හි ලින්කන් චතුරශ්‍රය අසලදී මීට වසර 53 කට ඉහතදී I HAVE A DREAM මට සිහිනයක් ඇත යනුවෙන් ඔහු පැවැත්වූ කතාව ලොවට ? කිසිදාක අමතක නොවේ . ඔහුගේ මරනයෙන් පසු එදා අමෙරිකාව පුරා සුදු කලු යුද්ධය ඇරඹුණේ ය. ගිනිතබා පොලවට සමතලාවූ ගොඩනැගිලි සංඛ්‍යාව 1200 කට අධිකය .කලු ජාතිකයන් අති විශාල සංඛ්‍යාවක් මරා දමනු ලැබීය.

    1991 මාර්තු 3දා නිව්යෝර්ක්හිදී කලු ජාතික රොඩ්නි කිංට (RODNEY KING ) දස වද දුන් අවස්තාවේ දීද රටේ කලබල සිදුවිය.රොඩ්නි කිංට වද දුන් පොලිස් නිලධාරීන් දීර්ඝ කාලයකට සිර භාරයට යවනු ලැබූහ . රොඩ්නි කිංට ඩොලර් මිලියන 3.8 ක වන්දි මුදලක් රජයෙන් ගෙවනු ලැබීය . අමෙරිකාවේ කලු ජාතිකයන්ට එරෙහිව මෙසේ විවිධ අයුක්ති සහගත ක්‍රියාවන් රාශියක් සිදුවී තිබේ . අද අමෙරිකාවේ කලු ජාතිකයන්ගේ ජනගහනය ලක්ශ 500ක් හෙවත් කෝටි 5 කට අධිකය .2018 සංඛ්‍යා ලේඛන දක්වන්නේ කලු ජනගහනය 4,78,41,851ක් බවය. මීට වසර 180 කට පමන පෙර අමෙරිකාවේ මහා මාර්ග දුම්රිය මාර්ග විවිධ ඉදිකිරීම් සදහා වහල් සේවය තකා අප්‍රිකානු රටවලින් ගෙන එන ලද අයගෙන් පැවත එන පිරිස් අප්‍රිකානු අමෙරිකානුවන් යනුවෙන් හදුන්වනු ලැබේ . අමෙරිකාවේ 44 වැනි ජනාධිපති බරාක් ඔබාමා කලු ජාතිකයෙකි. ඔහු 2009 ජනවාරි 20 සිට 2017 ජනවාරි 20 දක්වා අවුරුදු 8 ක් ජනපති පදවිය දැරුවේය. ඔබාමා 2009 ජනවාරි 20 දා ජනපති පදවියෙහි දිව්‍ රුම් දුන් අවස්තාවේ මා ඉරිදා ලංකාදීපයේ පලකල ලිපියෙහි සිරස්තලය වූයේ “අමෙරිකා සිහිනය සැබෑ කරගත් ඔබාමා ” යනුවෙනි . මා එසේ සදහන් කලේ ඔබාමා මාර්ටින් ලූතර් කිං ගේ සිහිනය සැබෑ කරගත් හැටි පෙන්වා දෙමිනි. කලු ජාතිකයෙකු අමෙරිකාවේ ජනපති පදවියට පත්වීම තුලින් ලොවට ? කියා පාන්නේ අමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිතව ක්‍රියාත්මක වන බව නොවන්නේ ද? කලු ජාතිකයෙකු වසර 8 ක් ජනපති පදවිය දැරූ වාතාවරණයක් තුලදී අමෙරිකාවේ කලු ජාතිකයන්ට ස්වකීය සියලු ඉල්ලීම් ඉටු කර ගැනීම ට නො හැකි වීද?

    මීට පෙර අමෙරිකාවේ ආරක්ෂක උපදේශක පදවිය දැරුවේ කලු ජාතික කොන්ඩලීසා රයිස් ය. දෙවරක්ම මුලු මහත් අමෙරිකාවේ නීතිපති පදවියද රාජ්‍ය ලේකම් තනතුර ද දැරුවේ කලු ජාතිකයන් ය. අමෙරිකාවේ සියලුම හමුදා ප්‍රධානියා වූයේ ද කලු ජාතිකයෙකු වූ ජනරාල් කොලින් පවල්ය.(COLIN POWELL) මා මෙම උදාහරණ කීපය ඉදිරිපත් කලේ අමෙරිකාවේ කලු ජාතිකයන්ට එහි ඉහලටම යාමට ඉඩ ලැබී ඇති බව පෙන්වා දීමටය. අමෙරිකාව ගිනි ගෙන අවසන්‍ ය. මුලු මහත් අමෙරිකාවේ කෝටි 33කට අධික ජනතාවගේ ආරක්ෂාව තකා තමා ගන්නා පියවර කවරේදැයි ඉදිරි දින කීපය තුල බලාගත හැකි බව ජනපති ට්‍රම්ප් ජනතාව අමතා පැවසීය. කෝටි 5 ක් පමන වූ කලු ජාතිකයන් ගෙන් සුලු පිරිසක් සහ තම දේශපාලන විරුද්ධ වාදීන් ගෙන් පිරිසක් රට අස්තාවර කිරීමේ අසාර්ථක උත්සාහය ක නිරත වී සිටින බවද ඔහු පැවසීය . මුළු ලෝකයේ හැම රටකම පාහේ හැම කුණු ගොඩකටම පාහේ කර දෙන්නට සිදුවී ඇත්තේ පොලිස් නිලධාරීන්ටය . ජනතාවගෙන් වැඩි පුරම බැනුම් අහන්නේද පොලිසියයි. පොලිසිය දරු පවුල් පිටින් ජීවත් වන සාමාන්‍ය මනුෂ්‍ය යින් බව ජනතාව ට අමතක ය. මෙම කරුනු මා සදහන් කලේ මගේ පුත්‍රයාද පොලිස් නිලධාරියෙකු වශයෙන් අමෙරිකාවේ නීතිය හා සාමය රැකීමට පොලිස් බල ඇනි මෙහෙයවමින් දිවා රාත්‍රී කැපවී රාජකාරි සිදු කරන අයුරු දුටු නිසාය.

    ඕස්ට්‍රේලියාවේ බාලවයස්කරුවන් හිටිහැටියේ වැඩිහිටියන් වෙයි

    0

    ඕස්ට්‍රේලියාවේ කුවින්ස්ලන්ඩ් ප්‍රාන්තය තුල වයස අවුරුදු 10ක් වැනි කුඩා දරුවන්ද වැඩිහිටියන් සේ සලකමින් දඩුවම් නියම කිරීමට අවකාශය සලසා දෙන නව නීතියක් සම්මත කර තිබේ.

    ඒ අනුව කුඩා දරුවන් හටද මනුෂ්‍ය ඝාතන, බරපතල ලෙස පහරදීම් සහ ස්ථාන වෙත අනවසරයෙන් ඇතුළු වීම යන වරදවල් සඳහා වැඩිහිටියන් හට නියම වන දඬුවම් නියම කිරීමට මෙම නීතිය අවකාශය සැලසීම සිදුකරයි.

    බාලවයස්කරුවන් විසින් සිදුකළ අපරාධ සම්බන්ධයෙන් නිතීය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රජාව තුලින් ඇති වූ විරෝධාවලට ප්‍රතිචාරයක් ලෙස කුවින්ස්ලන්ඩ් ප්‍රාන්ත මෙම නව නීතිය සම්මත කිරීමට පියවර ගෙන තිබේ.

    මේ අතර නව නීතිය සම්බන්ධයෙන් බොහෝ ප්‍රවීණයන් පෙන්වා දී ඇත්තේ දැඩි දඩුවම් මගින් තරුණ අපචාර අඩු නොවන බවත්, එය තවත් උග්‍ර කිරීමේ හැකියාවක් පවතින බවයි.

    ඉකුත් ඔක්තෝම්බර් මාසයේ පැවති ප්‍රාන්ත මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ලිබරල් ජාතික පක්ෂය “අපරාධකරුවන්ගේ අයිතීන්” වලට වඩා “වින්දිතයන්ගේ අයිතිවාසිකම්” ඉදිරියෙන් තබන බව පවසමින් මෙම නව නීති ගෙන ඒම සිය මැතිවරණය ව්‍යාපාරයේ ප්‍රබල පොරොන්දුවක් බවට පත්ව තිබිණි.

    මෙම නව නීති සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයද සිය අප්‍රසාදය පළකර ඇත.

    කෙසේ වෙතත් මෙම නව නීතිය සම්බන්ධයෙන් කුවින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොලිසිය සිය ප්‍රසාදය පල කර ඇති අතර එමගින් අපරාධ සංඛ්‍යාව පහල දැමීමට විශාල පිටිවහලක් වනු ඇති බවට ඔවුන් පෙන්වා දී තිබේ.

    වීථි වෙළෙන්දාගේ ඉමිටේෂන් භාණ්ඩ වලට විද්ද සැරයන්ට වූ දේ

    0

    ඉමිටේෂන් ආභරණ අලෙවිකරන වීථි වෙළෙන්දෙකුගෙන් මාලයක් , පෙන්ඩනයක් සහ මුද්දක් සොරාගත් පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගෙන ඇත.

    පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ සේවයේ නිරතව සිටි එම පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේද එම ඒකකයේ නිලධාරීන් විසින් වීම විශේෂිතය.

    මරදාන ටෙක්නිකල් හන්දියේ පිහිටි පොලිස් විශේෂ විමර්ශන ඒකකය අසල මාර්ගයේ රැදෙමින් ඉමිටේෂන් මාල මුදු සහ පෙන්ඩන් අලෙවි කරන මෙම වෙළෙන්දාගේ භාණ්ඩ පරීක්ෂාකරන මුවාවෙන් පොලිස් නිලධාරියා විසින් සොරකම සිදුකර ඇත.

    මඩකලපුව පොලීසියේ විවිධ පැමිණිලි OICට ප්‍රහාරයක්

    0

    විදේශ රැකියා ලබාදෙන පවසා මුදල් වංචාකරමින් සිටි පුද්ගලයකු විසින් කළ පරදීමකින් මඩකලපුව පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට තුවාල සිදුව ඇත.

    මෙම පහරදීම සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේදී මඩකලපුව පිල්ලෙයාර් අඩි ප්‍රදේශයේදීය.

    රට රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකරු එම ප්‍රදේශයේ රැදී සිටින බවට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් සමඟ ගොස් සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙම ප්‍රහාරය එල්ලවී තිබේ.

    සැකකරුට පලායාමට ඉඩනොදී අමතර පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට කැදවා ඔහුව අත්අඩංගුවටගත් බව පොලීසිය සඳහන් කරයි.

    සැකකරු කළුවංචිකුඩි ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි වියේ පසුවන්නෙකි.

    බිරිඳගේ කට වහන්න සැමියා වෙඩි තියලා

    0

    පවුල් ආරවුලක් මුල්කරගෙන සිය බිරිඳ ට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කල ව්‍යාපාරිකයකු දුම්මලසූරිය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

    තැබූ වෙඩිල්ල බිරිඳට වැදී නැති බව පොලීසිය කියයි.

    දුම්මලසූරිය උඩුබද්දාව ප්‍රදේශයේ නිවසක් තුළදී මෙම සිදුවීම වී ඇත්තේ ඊයේ (11) අලුයම් කාලයේදී බව පොලීසිය කියයි.

    බිරිඳට වෙඩි තැබූ ගිනි අවිය පොලීසිය සිය භාරයට ගෙන ඇත. එම අවිය බලපත්‍ර සහිත බෝර 12 වර්ගයේ එකක් බව පොලීසිය කියයි. එම අවියට යොදන පතොරම් 07ක්ද පොලිස් භාරයට ගෙන ඇත.

    මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම සම්බන්ධයෙන් කුකුළු ගොවිපොල හිමිකරු කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතය.

    පුරාවස්තුවක් එක්ක අයෙක් මාට්ටු

    0

    පුරාවිද්‍යා වටිනාකමක් සහිත පිළිමයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු දඹගල්ල ඔබ්බේගොඩ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ සියඹලාණ්ඩුව කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    උස සෙන්ටිමීටර් 11ක් වූ ග්‍රෑම් 262ක් බරැති මෙම පිළිමය සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 53ක් වයසැති අයෙකි.

    මෙම පුද්ගලයා පිලිමතලාවේ පදිංචිකරුවෙක් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

    අත්අඩංගුවටගත් සැකකරු සමඟ පිළිමය වැඩිදුර විමර්ශන සඳහා දඹගල්ල පොලීසියට ඊයේ භාරදී ඇත.

    උතුරේ 7ක් බිලිගත් වෛරසය හඳුනාගනියි

    0

    දිවයිනේ උතුරු ප්‍රදේශයේ පැතිර ගොස් ජීවිත 7ක් බිලිගත් උණ, ලෙප්ටොස්පයිරෝසිස් හෙවත් මී උණ ලෙස හඳුනාගෙන තිබේ.

    ඒ සාම්පල පරීක්ෂාවෙන් අනතුරුව ය.

    හඳුනානොගත් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් උතුරු පළාතේ පසුගිය දිනවල පුද්ගලයන් 07 දෙනකූ මියගොස් තිබූ අතර ඔවුන්ගෙන් ලබාගත් සාම්පලවලින් කිහිපයකම මී උණ හෙවත් ලෙප්ටොස්පයිරෝසිස් වෛරසය පවතින බවට තහවුරු වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

    එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂාණි දබරේරා මේ බව කියා සිටියේ, කොළඹ අද (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    හදිසියකට ඉල්ලාගෙන යන යතුරුපැදි උකස් කළ ග ුවන් සෙබලා කොටු

    0

    හදිසියකට ගමනක් යන්නැයි කියා සහෝදර ගුවන් හමුදා සෙබලුන්ගේ යතුරුපැදි රැගෙනගොස් උකස් කළ ගුවන් හමුදා සෙබලෙක් කොටදෙණියාව පොලීසිය ඊයේ අත්අඩංගුවට ගත්තේය.

    කොටදෙණියාව කිතුල්වල ගුවන් හමුදා කඳවුරේ සේවයේ නිරතව සිටින්නෙක් වන මෙම ගුවන් හමුදා සෙබලා 29 හැවිරදි වියේ පසුවන රජවැල්ලේ පදිංචිකරුවෙකි.

    ගුවන් හමුදා සෙබලු සිව් දෙනෙක් විසින් කොටදෙණියාව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත. සැකකරු අත්අඩංගුවට ගෙන යතුරුපැදිද පොලීසිය විසින් සොයාගෙන ඇත.

    තාත්තා කැපූ කොස් අත්ත වැදී පුතා මියයයි

    0

    පියා විසින් කපමින් සිටි දිරාගිය කොස් ගසක අත්තක් හිසට වැදි 13 හැවිරිදි දරුවෙක් මියගොස් ඇතැයි ගොඩකවෙල පොලීසිය සඳහන් කළේය.

    ගොඩකවෙල, රන්වල, වෙළඟපොල පදිංචිව සිටි එස්.ටී. ලක්ෂාන් නැමැති දරුවා මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.

    මෙම දරුවාගේ පියා විසින් ඊයේ සවස සිය නිවස අසල තිබුණු දිරා ගිය කොස් ගසක් කපා බිම දැමීමේදී එම ගස කඹයක් ආදාරයෙන් අල්ලා ඇද ඇත්තේ මෙම දරුවා සහ තවත් පුද්ගලයකු විසින් බව පොලීසිය සඳහන් කරයි. කොස් ගසේ අත්ත සරුවාගේ හිසේ වැදී ඇත්තේ ගස බිම වැටීමේදීය.

    විදුලි ගාස්තු අඩුවෙන දවස

    0

    ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ලබන ජනවාරි 17 වනදා අවසන් තීන්දුව ගැනීමට තීරණය කර තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ, 2025 ජනවාරි සිට ජුනි දක්වා මාස 6ක කාලය සඳහා ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් විමසීම 2025 දෙසැම්බර් 17 වන දින සිට ආරම්භ කරන බවය.

    දික්වැල්ලගේ ක්‍රිකට් තහනම අඩුවෙයි

    0

    ක්‍රිකට් තහනමකට ලක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට අද (11) සිට ඔහුට සියලුම ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලැබී තිබේ.

    ඒ ඔහුට පනවා තිබූ වසර 03ක ක්‍රිකට් තහනම මාස 3 දක්වා අඩු කර කිරීමත් සමඟයි.

    පෙර පැවති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තහනම් උත්තේජක ලබාගත් බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.

    මේ බව අනාවරණය වී තිබුණේ ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය (SLADA) විසින් සිදුකරනු ලැබූ පරීක්ෂණයේදී ය.

    ඒ සමග නිරෝෂන් දික්වැල්ලට නැවත දැනුම්දෙන තුරු සියලුම ක්‍රිකට් තරග තහනම් කිරීමට බලධාරීහු පියවර ගත්හ.

    අදාළ තහනමට එරෙහිව දික්වැල්ල සිය නීතිඥවරුන් මඟින් අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම තහනම අඩුකිරීමට කටයුතු කර ඇත.

    ජනපති මන්දිර – මැතිඇමති බංගලා ගැන තීරණයක් ගනී

    0

    රජයට වැය බරක් වන ජනාධිපති මන්දිර, විසුම්පාය, ඇතුළු නිල නිවාස පිළිබඳව රජය තීරණයක් ගෙන තිබෙන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

    ඒ අනුව, රජයේ දේපළ නඩත්තුවට විශාල මුදලක් වැය කර ඇත.

    නමුත්, එම දේපළ ඌණ උපයෝජන තත්ත්වයක පවතින බැවින් එම පරිශ්‍රයන් හා නිවාස ආර්ථිකමය වශයෙන් ඵලදායීව උපයෝජනය කිරීමට හැකිවන පරිදි යෝග්‍ය ක්‍රමවේදයක් යෝජනා කිරීම සඳහා නිලධාරි කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීය.

    රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ පරිපාලන බලධාරිත්වය යටතේ රජයේ බංගලා නිවාස 50ක් කොළඹ 07 සහ 05 යන ප්‍රදේශවල පිහිටා තිබේ.

    හිටපු ජනාධිපතිවරුන්, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ විවිධ රාජ්‍ය ආයතන සඳහා මෙම බංගලා නිවාස වෙන් කිරීම මෙතෙක් සිදුවිය.

    එසේම, ජනාධිපති කාර්යාලයේ පරිපාලන බලධාරිත්වය යටතේ කොළඹ, මහනුවර, නුවරඑළිය, මහියංගනය, අනුරාධපුරය, කතරගම, යාපනය, ඇඹිලිපිටිය සහ බෙන්තොට යන ප්‍රදේශවල ජනාධිපති මන්දිර පිහිටා ඇත.

    එහෙත්, කොළඹ සහ මහනුවර ජනාධිපති මන්දිර හැර අනෙකුත් ජනාධිපති මන්දිර නිරන්තර භාවිතයට ගෙන නොමැති බවට සඳහන් වේ.

    ඊට අමතරව, රාජ්‍ය නායකයින් ගණනාවකගේ නිල නිවස ලෙස භාවිතයට ගත් කොළඹ 02 හි පිහිටා ඇති විසුම්පාය මේ වනවිට නාගරික සංවර්ධන අධිකාරියේ පරිපාලනය යටතේ පවතී.

    එසේම, අග්‍රාමාත්‍ය කාර්යාලයේ පරිපාලනය යටතේ නුවරඑළියේ අග්‍රාමාත්‍ය නිල නිවාසයක් පවතී.

    ජනාධිපතිවරයා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් ඒකාබද්ධ යෝජනාවක් ලෙසයි අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

    චීනයෙන් පාසල් නිලඇඳුම් රෙදි තොගයක්

    0

    සිසුන් ලක්ෂ 46කට බෙදා දීම සඳහා චීනයෙන් මෙරටට පරිත්‍යාගයක් ලෙස නිල ඇදුම් රෙදි මීටර් මිලියන 11,817 ක් ලැබී තිබේ.

    ලබන වසර වෙනුවෙන් සිසුන්ට බෙදා දීමට නියමිත නිල ඇඳුම් රෙදි වලින් කොටසක් මේ වන විට මෙරටට ලැබී ඇති අතර ඉතිරි කොටස ලබන 25 වෙනිදාට පෙර ලැබීමට නියමිතව ඇත.

    චීනයේ සිට කොළඹ වරායට නෞකා මගින් රැගෙන ආ එම නිල ඇදුම් තොගය සංකේතාත්මකව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරියද වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වෙත කොළඹ වරායේ ජාත්‍යන්තර බහලුම් පර්යන්තයේදී චීන තානාපති කී ෂෙන් හොන් මහතා විසින් අද භාරදුන්නේය.

    රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස 63 දක්වා ද ීර්ඝ කෙරේ

    0

    රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස වසරකින් දීර්ඝ කිරීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ පියවර ගෙන ඇත.

    වෛද්‍යවරයෙකුගේ විශ්‍රාම යාමේ වයස් සීමාව මෙතෙක් පැවතියේ අවුරුදු 62 ක් ලෙසිණි. වසරකින් එම කාලය දීර්ඝ කිරීම හේතුවෙන් රජයේ වෛද්‍යවරයෙකුට අවුරුදු 63 දක්වා සේවය කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

    වෛද්‍යවරුන්ගේ ලැබී ඇති ඉල්ලීම් සහ සේවා අවශ්‍යතාවය මත මෙම තීරණය ගෙන තිබේ.

    A/L විභාග මධ්‍යස්ථානයකදී කෙස්තාපල්වරයෙක් බීමතින් යකා නටයි

    0

    ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ පිහිටි අ.පො.ස උසස් පෙළ විභාග මධ්‍යස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරියෙක් බීමතින් කළහාකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇත්තේ ඇඹිලිපිටිය පොලීසියේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකි.

    මෙම කොස්තාපල්වරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙක් පසුගිය 09 වෙනිදා උදෑසන සිට විභාග මධ්‍යස්ථානයේ ආරක්ෂාවට යොදවා සිට ඇත. ඒ අය අතර සිටි කොස්තාපල්වරයෙක් බීමතින් සිට ඇති අතර ඔහු කලහාකාරී ලෙස හැසිරෙමින් එම කණ්ඩායමේ සිටි සැරයන්වරයෙක්ටද පහරදී ඇත.

    පොලිස් සැරයන්වරයාගේ උඩුතොලට තුවාල සිදුව ඇති බවත් ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබා ඇති බවත් ඇඹිලිපිටිය පොලීසිය සඳහන් කළේය.

    අසාද් පාලනයෙන් මිදුණු සිරියාවේ අනාගතය

    0

    සිරියාවේ පාලනය බලය එරට කැරලිකාර සන්නද්ධ කණ්ඩායමක් වූ හයාත් තරිර් අල්-ෂාම් විසින් අත්පත් කරගැනීමත් සමඟ දශක ගණනාවක් එරට පාලනය කරනු ලැබූ බෂාර් අල්-අසාද් පාලනය පලවා හැරීමට සමත්විය.

    තරිර් අල්-ෂාම් සංවිධානය විසින් සිරියාවේ බලය අත්පත් කරගැනීමත් සමඟ අසාද් සහ ඔහුගේ පවුලේ සමාජිකයෝ රුසියාව වෙත පලා ගියහ.
    මේත් සමඟ වසර ගණනාවක් යුද ගිණි වලින් ඇවිලි ලක්ෂ පහකට අධික පිරිසකට දිවි අහිමි කළ සිවිල් යුද්ධය නව මානයකට යොමු කර ඇති අතර ඒත් සමඟ නව අනාගතය සම්බන්ධයෙන් ලෝකයේම දෑස් මේවන විට යොමුව තිබේ.

    දශකට අධික කාලයක් සිරියාව ලෙයින් තෙත් කළ සිවිල් යුද ගැටුම් හේතුවෙන් එරටට ජාත්‍යන්තර ප්‍රාජාව මගින් දැඩි ආර්ථික සම්බාධක පැනවූ අතර මෙම සම්බාධක සිරියානු ආර්ථිකය අඩපන කිරීමට සමත්ව ඇත.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්ත වලට අනුව සිරියානු වැසියන්ගෙන් සියයට 90ක්ම අධික දරිද්‍රතාවෙන් පෙලෙන අතර එරට ජනගහනයෙන් අඩකට වඩා උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයට මුහුණ දෙයි.

    මේ අතර 2011 වර්ෂයේ ඇවිලී ගිය සිරියානු සිවිල් යුද්ධයත් සමඟ එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 85ක්ම කඩා වැටුණු බවට ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි. බොරතෙල් නිෂ්පාදකයෙකු වන සිරියාවේ දෛනික බොරතෙල් නිෂ්පාදනය දිනකට බැරල් ලක්ෂකට වඩා අඩු ගඅයක් ගන්නා අතර එය ගෝලීය බොරතෙල් නිෂ්පාදනයෙන් ඉතා සුළු අගයකි.

    ලෝක බැංකුවේ ඇස්තමේන්තුවකට අනුව 2023 දී සිරියාවේ උද්ධමනය සියයට 115 ක් දක්වා ඉහල ගොස් තිබූ අතර, මේ වසරේ එරට ආර්ථිකය සියයට එකයි දශම පහකින් හැකිලෙනු ඇති බවටද පුරෝකථනය කර ඇත.

    මෙවන් තත්ත්වයක් තුල සිරියාවේ බලය අත්පත් කරගනු ලබන කැරලිකාර හයාත් තරිර් අල්-ෂාම් සංවිධානය ඉදිරියේ බරපත අභියෝග රැසක් පවතින අතර ඔවුන්ගේ ඉදිරි ගමනට විශාලත බාධාවක් වී ඇත්තේ මීට පෙර අල් කයිඩා සංවිධානයේ අනුබද්ධිත සංවිධානය ලෙස ක්‍රියා කිරිමට හේතුවෙන් ඔවුන් ත්‍රස්ත සංවිධානයක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව විසින් හැඳින්වීමයි.

    මේ හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බාධක වලට තවදුරටත් හයාත් තරිර් අල්-ෂාම් සංවිධානයට මුහුණ දීමට සිදුව ඇත. මීට සමානම තත්ත්වය ඇෆ්ගනිස්ථානය තුලද පවතින අතර තලේබාන් පාලනය තවමත් ජාත්‍යන්තර ප්‍රජාව විසින් පිලිනොගන්නා තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

    කෙසේවෙතත් එක්සත් රාජධානිය ප්‍රමුඛ ඇතැම් බටහිර රාජ්‍යන් විසින් හයාත් තරිර් අල්-ෂාම් සංවිධානය ත්‍රස්ත සංවිධාන ලයිස්තුවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් කතා බහක්ද නිර්මාණය වී ඇති බවට වාර්තාවේ.

    මේ අතර සිරියාවේ පවතින බොතෙල් සංචිත මත පදනම්ව ඉදිරියේද දැඩි ගැටුම්කාරී තත්ත්වයක්ද නිර්මාණය වීමේ හැකියාවක් පවතින අතර එය දැනටමත් අඩපන වී ඇති සිරියාව කබලෙන් ලිපට හෙලිමක් විය හැකි බවටද විශේලේෂකයින් අනතුරු අඟවයි.

    කෙසේ වෙතත් සිරියාව අසාද් පාලනයෙන් මිදුනද සාමන්‍ය ජනජීවතයකට ඉඩ සලසන පරිසරයක් බවට පත්විමට තවත් බොහෝ කාලයක් වැයවනු ඇත.අ

    සැමියා පහරදීමෙන් ගැබිණි බිරිඳගේ සති 11ක කළ ලය ගබ්සා වේ

    0

    පවුල් ආරවුලක් මත සැමියා විසින් කළ පහරදීමකින් ගැබිණි බිරිඳකගේ සති 11ක කළලයක් ගබ්සාවී තිබේ.

    තලාව වරාගොඩ පදිංචි 22 හැවිරිදි ගැබිණි මවකට මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දීමට සිදුව ඇත.

    මේ සම්බන්ධයෙන් 23 හැවිරිදි සැමියා අත්අඩංගුවට ගත් බව තලාව පොලීසිය සඳහන් කළේය.

    ලක්ෂ 18කට වාලම්පුරි දෙකක් විකුණන්න ගිය 02ක් කොටු

    0

    රුපියල් ලක්ෂ 18කට වාලම්පුරි දෙකක් අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයන් දෙදෙනෙක් ජා- ඇල පොලීසිය ඊයේ (09) අත්අඩංගුවට ගෙන ඇත.

    කොබෙයිගනේ පදිංචි වයස අවුරුදු 31 හා 32 යන වයස්වල පසුවන්නන් දෙදෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

    ජා-ඇලදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවටගත් බව පොලීසිය කියයි.

    කසල ගොඩට තැබූ ගින්නෙන් කාන්තාවක් ගිනි ඇවි ලී මිය යයි

    0

    සිය නිවස පිටුපස කසල බැහැරකරන ස්ථානයට ගිනි තැබීමේදී එම ගින්නට හසුවී කාන්තාවක් පිළිස්සී මියගොස් ඇත.

    මෙම අනතුර සිදුව ඇත්තේ නෙල්ලිඅඩි පොලිස් වසමේ තෝට්ටම් ප්‍රදේශයේදී ඊයේ (09) සිදුව තිබේ.

    මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 49ක් වන එස්. ශිවපුන්ගා නැමැති කාන්තාවකි.

    මන්ත්‍රී අර්චුනා රාමනාදන් යාපනය රෝහලේ යක ා නටයි – පොලීසියකටත් ගිහින් නොසන්සුන්ව හැසිර ිලා

    0

    යාපනය දිස්ත්‍රික් ස්වාධින පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා යාපනය ශික්ෂණ රෝහලට අනවසරයෙන් ඇතුළුවී වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධාකර කළහාකාරී ලෙස ඊයේ (09) උදෑසන හැසිරී ඇති බවට පැමිණිල්ලක් යාපනය පොලීසියට ලැබී ඇත.

    ඒ සම්බන්ධයෙන් යාපනය රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සත්‍යමූර්ති මහතා විසින් පොලීසියට පැමිණිල්ලක්ද කර තිබේ.

    රෝහලේ සේවය කරනු ලබන ස්වෙච්ඡා සේවකයින්ගේ තොරතුරු ලබාදෙන ලෙසත් තමා මන්ත්‍රීවරයෙක් බැවින් සර් යැයි ආමන්ත්‍රණයකරන ලෙසත් බවසා බැන තර්ජනය කළ බව රෝහල් අධ්‍යක්ෂවරයා පොලීසියට කර ඇති පැමිණිල්ලෙහි සඳහන්ය.

    මෙම මන්ත්‍රීවරයා යාපනයේ පොලිස් ස්ථානයකටද දින කිහිපයකට පෙර ගොස් ඔහු පැමිණෙන විට පොලිස් නිලධාරීන් පුටුවලින් නැගිට ආචාර නොකලේ යැයි පවසමින්ද නොසන්සුන්ව හැසිරී ඇත.

    සීසීඩී හිටපු වැබ අධ්‍යක්ෂ නෙවිල් ද සිල්වා අත්අඩංගුවට

    0

    කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ ලෙස කාලයක් සේවයේ නිරතව සිට කාර්යභාරයක් නොමැතිව පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්ථානයට පසුගියදා ස්ථාන මාරු ලැබූ සහකාර පොලිස් අධිකාරී නෙවිල්ද සිල්වාා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
    කොළඹ අපරාධ කොට්ඨාසයට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් පැමිණිලිකරුට වාසි සහගත ලෙස කටයුතු කරමින් රත්තපුරේට ගොස් පුද්ගලයෙකු පැහැරගෙන කොළඹට රැගෙන විත් එම පුද්ගලයා සතුව තිබූ රුපියල් කෝටි දාහතරක් වටිනා මැණික් ගල් තොගයක් පැමිණිලිකරුට ලබාදීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විමර්ශනය කොට මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට සහකාර පොලිස් අධිකාරිවරයාව කැඳවා දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද සවස අත්අඩංගුවට ගත්තේය.

    ජාතික පාපන්කදු ණ්ඩායමේ හිටපු ක්‍රීඩකයා එ ක්ක 09ක් ගව සොරකමේ ගිහින් මාට්ටු

    0

    ගවයින් සොරාගෙන කැළෑබද ප්‍රදේශවලදී මස් කර ශීතකරන ලොරි රථවල පටවා අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට රැගෙන ගොස් බෙදා හැරීමේ ජාවාරමක් අගුණුකොළපැලැස්ස පොලීසිය විසින් හෙළිකරගෙන ඇත.

    මෙම ඡාවාරමට සම්බන්ධයෙන් සැකපිට 09 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අතර ජාතික පාපන්දු කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක්ද සිටින බව පොලීසිය කියයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රටවල් කිිහිපයකම තරග සංචාරයන්වල නිරතව ඇති මෙම ක්‍රීඩකයා ගව සොරකම වෘත්තියක් බවට පත්කරගෙන සිටින බව පොලිස් විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

    අගුණුකොළපැලැස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් අගුණුකොළපැලැස්ස අධිවේගී මුරපොලේ නිලධාරීන් සමඟ සිදුකල ඒකාබද්ධ වැටලීමකදී අධිශීතකරණ ලොරි රථයක් සහ එම රථයේ පරිවාර රථයක් ලෙස ගමන් කළ කැබ් රථයක් ඊයේ උදෑසන කාලයේදී පරීක්ෂාවට ලක්කර ඇත. අධිශීතකරන ලොරි රථයේ තිබී ගවමස් කිලෝ 1950ක් හමුවී තිබේ. ඒ අනුව එම ලොරි රථයේත් කැබ් රථයේත් ගමන්කරමින් සිටි තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පාපන්දු ක්‍රීඩකයා සිට ඇත්තේ ඒ අතරය. එම සැකකරුවන් තිදෙනාම ග්‍රෑන්ඩ්පාස් හී පදිංචිකරුවන්ය.

    අත්අඩංගුවටගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරිමේදී වීරකැටිය දොබොක්කාවේ පිහිටි ගවයින් ඝාතනය කළ ස්ථානය අනාවරණය කර ගැනීමට පොලීසිය සමත්ව ඇත. ඒ අනුව පොලීසිය එම ස්ථානයට ගොස් තිබේ. ඒ අසල කැළෑබද ස්ථානයක සඟවා තිබූ අධිශීතකරණ ලොරියක් සොයාගෙන ඇත. එම ලොරිය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී මරා දමන ලද ගවයින් 12 දෙනෙකුගේ කොටස් සොයාගෙන තිබේ. එහිදී තවත් සැකකරුවන් 06 දෙදෙනක් අත්අඩංගුවට ගනිමින් ඝාතනය කිරීමට සූදානම්කර තිබුණු ගවයින් 16 දෙනෙක්ද සොයාගෙන ඇත.

    ගවයින් ඝාතනය කිරීමට සූදානම්කර තිබුණු පිහි ඇතුළු උපකරණද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

    මීතොටමුල්ල MOH එක ගාව කන්ටේනර් පෙට්ටිය යටින ් මතුවුණු ගිනි අවිය

    0

    මීතොටමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ගොඩනැගිල්ල පිටුපස ඇති කන්ටේනර් පෙට්ටියක් යට සඟවා තිබූ බ්‍රසීලයේ නිෂ්පාදිත පිස්තෝලයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ සොයාගෙන ඇත.

    පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම ගිනි අවිය සොයා ගත් බව විශේෂ කාර්ය බලකා සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතා සඳහන් කළේය.

    මෙම ගිනි අවිය සමඟ පතොරම් බහාලන කොපු දෙකක්ද හමුවී ඇත.

    ගිනි අවිය ඉදිරි විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානයට භාරදී තිබේ.

    විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂක ඒ.ඩී.කේ. චින්තක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම ගිනි අවිය සොයාගෙන ඇත.

    මන්ත්‍රී ගජේන්ද්‍ර පොන්නම්බලම් ගමන් කළ ජ ිප් රථයේ ගැටී යාචක කතක් මිය යයි

    0

    සමස්ථ ලංකා ද්‍රවිඩ කොංග්‍රසයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර පොන්නම්බලම් මහතා ගමන් කරමින් තිබුණු ජිප් රථයේ ගැටී වෙන්නප්පුවේදී කාන්තාවක් මියගොස් ඇත.

    මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (08) අලුයම් කාලයේදී කොළඹ – පුත්තලම මාර්ගයේ බෝලවත්ත ප්‍රදේශයේදී බව වෙන්නප්පුව පොලීසිය සඳහන් කරයි.

    මියගොස් ඇත්තේ පදික මාරුව හරහා ගමන් කරමින් සිටි කාන්තාවක් බවත් ඇය යාචක කාන්තාවක් බවත් පොලීසිය සඳහන් කරයි.

    මෙම අනතුර සම්බන්ධයෙන් සැකපිට ජිප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. ඔහුව අධීකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.

    කුඩුකාර පුතත් එක්ක එකතුවෙලා පොලිස් තාත්ත ා ගමේ මනුෂයෙකුට හොදටෝම තඩි බාලා

    0

    මාර්ගය අයිනේ වාහනයක් නතර කිරීම තුළින් තමාට අවහිරයක් උනා යැයි කියමින් පොලිස් සැරයන්වරයෙකු සිය පුතා සමඟ එක්ව පුද්ගලයකුට අමානුෂික ලෙස පහරදීමක් සම්බන්ධයෙන් මැණික්හින්න පොලීසිය විමර්ශනයක් ආරම්භකර ඇත.

    මැණික්හින්න උයන්වත්තේ පදිංචිකරුවෙක් වන ඉගුරුවත්ත පොලිස් ස්ථානයේ සේවයේ නිරත මෙම පොලිස් සැරයන්වරයා සිය පුතාත් සමඟ එක්ව පහරදී ඇත්තේ මැණික්හින්න ඉත්තමල්ලියගොඩ පදිංචිකරුවෙකුටය.

    එම පුද්ගලයා සිය මෝටර් රථය මාර්ගය අයිනේ නතරකර තිබියදී එතැනට පැමිණ අතින් පයින් හා පොල්ලකින් පොලිස් සැරයන්වරයාත් ඔහුගේ පුතාත් ඊයේ පහරදී ඇති බව පොලීසිය කියයි.

    පහරකෑමට ලක්වූ පුද්ගලයා මැණික්හින්න රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනු ලබයි. මෙම පහරදීම සම්බන්ධයෙන් 58 හැවිරිදි පොලිස් සැරයන්වරයිත් ඔහුගේ පුතාත් මැණික්හින්න පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් සැරයන්වරයාගේ පුතා මත්ද්‍රව්‍ය සමඟ මෙයට පෙර අවස්ථාවකදී අත්අඩංගුවට ගත් අයෙක් බවද පොලීසිය කියයි.

    හොර පාරෙන් ගෙනබව කියන විජිත් විජිතමුණි සො යිසාගේ ලොරි රථයක් හපුතලෙන් මතුවේ

    0

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතාට අයත් බව කියන නීති විරෝධි ලෙස මෙරටට ආනයනයකර ඇති ලොරි රථයක් පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

    හපුතලේ මුතුවාන වත්තේ තිබී සොයාගත් මෙම ලොරි රථය මෝටර් රථ කොමසාරිස්ගේ නිසි අවසරයකින් තොරව එකලස්කර ඇති බවට සැකකරන බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සඳහන් කරයි.

    මෙම ලොරි රථය මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් සිය භාරයට ගෙන ඇත්තේ පසුගිය 05 වෙනිදාය. එහෙත් එහි ස්විචයේ යතුර නොතිබීම හේතුවෙන් ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යොදවා තිබී ඇත. යතුර ඊයේ හමුවීමෙන් අනතුරුව ලොරිය හපුතලේ පොලීසියට රැගෙන ගොස් භාරදුන් බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සඳහන් කරයි.

    කරදියනාරු OIC පැදවූ ජිප් රථයේ ගැටී කතක් රෝහලේ

    0

    කරදියනාරු පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පැදවූ ඔහුට අයත් පුද්ගලික ජිප් රථයේ ගැටී පුද්ගලයකු තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුලත්කර ඇත.

    මෙම අනතුර සිදුව ඇත්තේ චෙන්කල්අඩි – මඩකලපුව මාර්ගයේ එරාවුරු පොලිස් වසමේ කායන්කුඩා ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී කාලයේදීය.

    මෙම අනතුරත් සමඟ කරදියනාරු පොලිස් ස්ථානාධිපතිවරයා අනතුරින් පසු කම්පන තත්ත්වයකට පත්වූ බව පවසා චෙන්කල්අඩි රෝහලට ඇතුලත් වූ බව එරාවුර් පොලීසිය කියයි.

    රිය අනතුර සම්බන්ධයෙන් කරදියනාරු පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව නීතිමය පියවර සියල්ලක් ගන්නා බවත් මෙම අනතුර ගැන පොලිස් මූලස්ථානය පවා දැනුවත් කර ඇති බවත් එරාවුර් පොලීසිය සඳහන් කළේය.

    සල්ලි වංචා කළ දොස්තර රහස් පොලිස් දැලේ

    0

    සමාගම් අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවයේ නිරත වෙමින් රුපියල් මිලියන 55ක මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් වෛද්‍යවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    වෑබඩ පදිංචිකරුවෙක් වන 52 හැවිරිදි වියේ පසුවන මෙම වෛද්‍යවරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයේ නිලධාරීන් කණ්ඩායමකි.

    දුම්රියට ගල්ගැසූ දරුවාට වූ දේ..

    0

    ගමන්කරමින් තිබුණු දුම්රියකට ගල්ප්‍රහාරයක් එල්ලකල 15 හැවිරිදි දරුවෙක් නානුඔය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

    නානුඔය රැදැල්ල පහළ කොටසේ පදිංචිකරුවෙක් වන මෙම දරුවා ගල් ප්‍රහාරයක් එල්ලකර ඇත්තේ මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබුණු භාණ්ඩ ප්‍රවාහන දුම්රියකටය. ඒ ඊයේ දිනයේදීය.

    ගල් වැදීමෙන් දුම්රියේ එක් මැදිරියක වීදුරුවකට හානි සිදුව ඇති බව නානුඔය පොලීසිය සඳහන් කළේය.

    කොළඹ නි.මැතිවරණ කොමසාරිස් ඔෆිස් කාමරේ මියගිහින්

    0

    කොළඹ දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ මහතා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි ඔහුගේ කාර්යාලය කාමරයට යාබදව ඇති විවේක කාමරයේ මියගොස් සිටියදී සිරුර අද උදෑසන කාලයේදී හමුවී තිබේ.

    සිය පවුලේ ඥාතියෙකුගේ මළ ගෙදරකට ගොස් මාතර සිට ඊයේ පැමිණ ඇති රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ මහතා රැය පහන් කර ඇත්තේ ඔහු මියගොස් සිටි කාමරයේ බව නාරාහේන්පිට පොලීසිය සඳහන් කරයි.

    රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ මහතා උදෑසන අවදි නොවීමත් කාමරය වසා තැබීමත්, කාමරයෙන් කිසිදු ප්‍රතිචාරයත් නොවීමත් හේතුවෙන් රියදුරු ඒ ගැන කළ සොයා බැලීමේදී රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ මහතා නිදන ඇද මත මියගොස් සිටියදී හමුවී තිබේ. ලේ වමනය පවා ඔහුට ගොස් ඇති බව විමර්ශනයේදී පෙනී ගොස් ඇත.

    කුඩා දරුවන් ඇඩ්වලට ගැනීම තහනම්?

    0

    වයස අවුරුදු 12 ට අඩු දරුවන් වෙළෙඳ ප්‍රචාරණ කටයුතුවලට යොදාගැනීම ලබන ජනවාරි 01 වැනිදා සිට තහනම් කිරීමට රජය තීරණය කර ඇත.

    ඊට අදාල ගැසට් නිවේදනය බලාත්මක කිරීමට සියලු කටයුතු මේ වන විට සූදානම් බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා සඳහන් කරයි.