මුල් පිටුව උණුසුම් පුවත් රනිල්-බැසිල් සාකච්ඡා සාර්ථකයි

රනිල්-බැසිල් සාකච්ඡා සාර්ථකයි

1

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාව සාර්ථක වී තිබේ.

එළැඹෙන ජනාධිපතිවරණය ඇතුළු රටේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පසුගිය 4 දා රාත්‍රියේ මෙම සාකච්ඡාව පවත්වා තිබිණි.

අදාළ සාකච්ඡාව සාර්ථක වූයේ දැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් නිවුස්වේව් කළ විමසීමේ දී ඔහුගේ පිළිතුර වූයේ ඔව් යන්නයි.

ඒ අනුව නොබෝදිනකින් අදාළ සාකච්ඡාවන්හි ප්‍රතිඵල අනුව දේශපාලන ප්‍රචාරක කටයුතු සංවිධානය වනු ඇතැයි ද තවත් මෙවැනි සාකච්ඡා වට කිහිපයක් පැවැත්වෙනු ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

රමේෂ් වරල්ලෙගම

1 Comment

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version