මුල් පිටුව උණුසුම් පුවත් බස් අනතුරක් -පාසල් ළමුන් 25ක් රෝහලට

බස් අනතුරක් -පාසල් ළමුන් 25ක් රෝහලට

0

අම්පාර අක්කරපත්තුව මාර්ගයේ ඊසීසී මාර්ග බාධකය ආසන්නයේදී අම්පාර සිට පන්නල්ගම දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කරන ලද බස් රථයක් අද දහවල් අනතුරකට ලක්වීමෙන් පාසල් සිසුන් 25 දෙනෙකු තුවාල ලබා තිබේ.

තවත් මගීන් 05 දෙනෙකු හා බස් රථ දෙකෙහි රියදුරන් දෙදෙනා ද තුවාල ලබා ප්‍රතිකාර සඳහා අම්පාර රෝහලට ඇතුලත් කර ඇත.

අක්කරපත්තුව සිට අම්පාර දක්වා ධාවනය වූ බස් රථයක මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇත.

අනතුර සම්බන්ධයෙන් අම්පාර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version