මුල් පිටුව උණුසුම් පුවත් හැම ජාතියේම හොරවැඩ කරන බොරු දොස්තරලා අල්ලන්න පොලිස් ඇස

හැම ජාතියේම හොරවැඩ කරන බොරු දොස්තරලා අල්ලන්න පොලිස් ඇස

0

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) වෛද්‍යවරුන් පිරිසක් අද(03) දින පොලිස් මුලස්ථානයේදී පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් පිරිසක් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය වෙනුවෙන් වෛද්‍යවරුන් මුහුණුපාන ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ අවධානය යොමු කරන ලදී.

එහිදී රජයේ වෛද්‍ය නිළධාරී සංගමය විසින් වෛද්‍යවරුන් වෙත නිකුත් කර ඇති නිල ලාංජනය සහිත ස්ටීකරය වාහනවල තබාගනිමින් එය අවභාවිතා කර ඇතැම් නීති විරෝධි ක්‍රියාකාරකම්වල නිරත වන පුද්ගලයින් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම, මහාමාර්ගයේ ව්‍යාජ සහතික ඉදිරිපත් කරමින් වෛද්‍යවරුන් ලෙස පෙනීසිටින පුද්ගලයින් සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීම, නිසි ප්‍රමිතියකින් තොර ඖෂධ, සුවද විලවුන් ඇතුළු විවිධ රූපලාවන්‍ය ආලේපන වර්ග ආදිය වෙළදාම් කිරීම සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීම, දිවයිනේ විවිධ පළාත්වල පිහිටි රෝහල්වල වෛද්‍යවරුන්ට පහරදීමේ සිද්ධීන් ඇතුළු විමර්ශන කිහිපයක් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සහ මහාමාර්ගයේ දෛනිකව සිදුවන රිය අනතුරු අවම කර ගැනීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය හා ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම ඇතුළු කරණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

එමෙන්ම එහිදි ව්‍යාජ සහතික ඉදිරිපත් කර වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යන පුද්ගලයින් සහ වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් ඇතැම් නීති විරෝධි ක්‍රියාකාරකම්වල යෙදී සිටින තැනැත්තන් ඉදිරියේදී අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ද සැලසුම් කර ඇති බව පොලිසිය සදහන් සදහන් කර ඇත.

මෙම සාකච්ඡාවේදී පොලිස්පතිවරයා විසින් වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් 2007 අංක 54 දරණ ඖෂධ වලට ඇබ්බැහිවූ තැනැත්තන් (ප්‍රතිකාර සහ පුනරුත්තාපන) පිළිබද සංශෝධන පනතේ ප්‍රතිපාදන අනුව කටයුතු කිරීමේදී ශ්‍රී ලංකා පොලිසිය මුහුණපාන ගැටළු කිහිපයක් සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇත.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරන ලද ගැටළු සම්බන්ධයෙන් ද ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදවද පොලිස්පතිවරයා විසින් අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර ඇත.

එම සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන නිලන්ත ජයවර්ධන මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහයක සේවා රන්මල් කොඩිතුවක්කු මහතා, නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් පොලිස් මුලස්ථානයේදී සහ දිවයින පුරා කොට්ඨාස භාර නිළධාරීන් පිරිසක් මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේද එම සාකච්ඡාවට සහභාගි වී ඇත.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version