මුල් පිටුව උණුසුම් පුවත් චීන ජනපති යුරෝපා සංචාරයට ලෑස්තියි

චීන ජනපති යුරෝපා සංචාරයට ලෑස්තියි

0

 
 
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රංශය, සර්බියාව සහ හංගේරියාව යන රටවල නිල සංචාරයන්හි  නිරත වීමට නියමිතය. හෙතෙම මැයි 5 – 10  දක්වා දිනවල එම චාරිකාවන්ට එක්වනු ඇත. චීන විදේශ අමාත්‍යාංශය මේ බව නිවේදනය කළේය.
 
ප්‍රංශ ජනාධිපති Emmanuel Macron, සර්බියානු ජනාධිපති Aleksandar Vučić සහ හංගේරියානු  ජනාධිපති Tamás Sulyok සහ අගමැති Viktor Orbán යන මහත්වරුන්ගේ ආරාධනයෙන් චීන ජනාධිපතිවරයා එම සංචාරයන්ට එක් වන බව විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Hua Chunying මහත්මිය කියාසිටියාය.

NewsWave බීජිං වාර්තාකරු

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version