මුල් පිටුව උණුසුම් පුවත් “කයිවාරු එපා.. විවාද දෙකටම මැයිවල අපි සූදානම්”

“කයිවාරු එපා.. විවාද දෙකටම මැයිවල අපි සූදානම්”

0

ජාතික ජන බලවේගය විසින් ආර්ථික කමිටුවේ විවාදය වෙනුවෙන් පැකිලීමක් ඇති බවක් පෙනෙන්නට තිබෙන නමුත් සමගි ජන බලවේගය කණ්ඩායමක් ලෙස විවාද දෙකටම සූදානම් බව විපක්ෂ නායක, සමගි ජනබලවෙව්ගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ සඳහා මැයි මාසයේම මේ විවාද දෙකටම දින යොදා ගන්නා ලෙසත් එකක් ගැන පමණක් කයිවාරු ගහන කයිය නායකයෙක් වෙන්න එපා කියා ඉල්ලීමක් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රට ගොඩනගන සත්‍යවාදී යථාර්ථවාදී දත්ත කේන්ද්‍රීය ආර්ථික දැක්ම හා සැලසුම ඇති කණ්ඩායම ඇත්තේ සමගි ජන බලවේගයට බවත් කයිය නායකයාට ඉන්නේ කයිවාරු ගහන සෝබන කණ්ඩායමක් බවත් සමගි ජන බලවේගයට සිටින්නේ කරන දේ කියන කියන දේ කරන කණ්ඩායමක් බැවින් මේ විවාද දෙකම මැයි මාසයේ කරනා ලෙසත් ඊට අමතරව රටට වැඩක් කිරීමට ද එන ලෙස ජාතික ජන බලවේගයට අභියෝග කරනා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියාසිටී.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 170 වැනි අදියර යටතේ අද ගම්පහ මීරිගම අලිගාර් ජාතික පාසලට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version