fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දියාවෙන් මෙරටට තවත් ඩොලර් බිලියන දෙකක්

    ඉන්දියාවෙන් මෙරටට තවත් ඩොලර් බිලියන දෙකක්

    ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන දෙකක මූල්‍ය ආධාරයක් ලබාදීමට ඉන්දියාව සිය කැමැත්ත පළකර ඇතැයි ඉන්දීය රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තාකර තිබේ.

    ඹෟෂධ, ආහාර ද්‍රව්‍ය හා ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් මෙම මූල්‍යාධාර ලැබෙනු ඇත.

    එම වාර්තාවේ දක්වා ඇත්තේ විදේශ ණය ආපසු ගෙවීම් තාවකාලිකව ගෙවීම් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකාව ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් කනස්සල්ල පළකරන නමුත් තවදුරටත් ශ්‍රී ලංකාවට සහය ලබාදීමට පියවර ගන්නා බව ඉන්දීය රජය ප්‍රකාශකර ඇති බවය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.