fbpx
තවත්
    මුල් පිටුවGOSSIPAIවලින් හැදෙන චීන කතා ටෙලිතිරයට (📹)

    AIවලින් හැදෙන චීන කතා ටෙලිතිරයට (📹)

    spot_img

    කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිපදවන ලද ‘චීන ජන ප්‍රවාද’ නමැති කෙටි ටෙලිනාට්‍ය විකාශය කෙරේ.

    සම්පූර්ණයෙන් ම කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මගින් නිමැවුණු ප්‍රථම චීන ටෙලිනාට්‍යය මෙයයි.

    මාර්තු 21 වැනිදාට යෙදී තිබුණු, චීන මාධ්‍ය සමූහයේ 6 වැනි සංවත්සරය නිමිත්තෙන්, ඊයේ (22) එය විකාශය කෙරිණ.

    ඒ, චීන මාධ්‍ය සමූහයට අයත් ශ්‍රව්‍යදෘශ්‍ය නව මාධ්‍ය වේදිකාව ඔස්සේ යි. චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් ෂෙං හයිෂොං මහතා ඇතුළු ආරාධිත පිරිසක් එම අවස්ථාවට එක්ව සිටිහය.

    කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් වැඩසටහන් නිෂ්පාදනය කිරීම කෙරෙහි චීන‍ මාධ්‍ය සමූහයේ ඉහළ අවධානය යොමු ව ඇත. ඒ අධිගුණාත්මක ශ්‍රව්‍යදෘශ්‍ය දත්ත හා වෘත්තීමය මාධ්‍ය නිෂ්පාදන ශක්‍යතා පදනම් කර ගනිමිනි.

    එසේම, කිසියම් රූපයකට අදාළ තොරතුරු අකුරු මගින් පරිගණකයට ලබා දුන්විට, ඊට සැසඳෙන රූපය නිර්මාණය කළ හැකි නව නිපැයුම් මාදිලියක් හඳුන්වා දීම කෙරෙහි ද එම බලධාරීන්ගේ අවධානය යොමු ව තිබේ.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img