fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලි බි‍ලේ යළි වෙනසක්

    විදුලි බි‍ලේ යළි වෙනසක්

    ලබන ජුනි මාසයේ සිට විදුලි බිල සංශෝධනය කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

    ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඒ සඳහා වන විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතිබව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසා ඇත.

    එහි අවසන් යෝජනාවලිය, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට භාරදීමට නියමිතයි.

    ලංකා විදුලි බල මණ්ඩලය විසින් අදාළ යෝජනාවලිය ඉදිරිපත් කිරීමෙන් පසු ඊට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිවීමෙන් අනතුරුව විදුලි බිල සංශෝධනය සිදුවීමට නියතව ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.