fbpx
තවත්
    මුල් පිටුවCOVIDඅදට කොවිඩ් ආසාදිතයන් 100 පනී - මරණත් ඉහළට

    අදට කොවිඩ් ආසාදිතයන් 100 පනී – මරණත් ඉහළට

    ‍රට තුළ අද(26) දිනයේ පමණක් මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 119ක් වාර්තා වී තිබේ.

    එමෙන්ම ඊයේ දිනයේදී පමණක් කොවිඩ් රෝගීන් 5ක් මියගොස් ඇතැයි තහවුරු වී ඇත.

    රට තුළ මෙලෙස කොවිඩ් ඉහළ යාමට පටන්ගෙන ඇත්තේ මාස ගණනාවකට පසුවයි.

    ගෝලීය වශයෙන් ඉතා වේගයෙන් පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදයක් පවතින අතර මෙරට තුළ යළි කොවිඩ් හිස ඔසවන බැවින් ‍මුඛ ආවරණ පැළඳීම ඇතුළු පෙර කියන ලද සෞඛ්‍ය නිර්දේශ දැඩිව පිළිපදින ලෙසත් වහාම 4 වැනි එන්නත් මාත්‍රාව ලබාගන්නා ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.



    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.