fbpx
තවත්
    මුල් පිටුවCOVIDලෝකය දැන් ඉන්නේ කොවිඩ් අවසානයේ

    ලෝකය දැන් ඉන්නේ කොවිඩ් අවසානයේ

    ලෝකය දැන් COVID-19 වසංගතය අවසන් අදියරට පැමිණ ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අදානොම් ග්බ්‍රියේසස් පවසයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මාධ්‍ය හමුවකදී රට රවල නවතම කොවිඩ් තත්ත්ව වාර්තා සළකා බලමින් මේ බව ප්‍රකාශ කළේය.

    මෙය වසර ගණනාවක් පුරා ලෝකය පුරා පැවති සෞඛ්‍ය අර්බුදය පිළිබඳ ඔහු මෙතෙක් පළකළ වඩාත්ම ශුභවාදී ඉදිරි දැක්මයි.

    ලෝකයේ මිලියන 6කට අධික ජනතාවක් මෙම වයිරසයෙන් මියගියහ.

    අතථ්‍ය මාධ්‍ය හමුවකදී වාර්තාකරුවන්ට පැවසුවේ “අපි තවම එය අවසන් කර නැත. නමුත් අවසානය පෙනෙන්නට තිබේ.” යනුවෙනි.

    2019 අවසානයේ ආරම්භ වූ මෙම වයිරසයේ පැතිරීම, 2020 ජනවාරි මාසයේදී ජාත්‍යන්තර හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමෙන් සහ ඊට මාස තුනකට පසු COVID-19 වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පටන් ගත් දා සිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කරන ලද වඩාත්ම ධනාත්මක තක්සේරුව එය විය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.