fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වයෝවෘද්ධ කතක් දූෂණය කර මරලා

    වයෝවෘද්ධ කතක් දූෂණය කර මරලා

    කරන්දෙණිය තල්ගහවත්ත ප්‍රදේශයේ නිවසක ජීවත්වූ 70 හැවිරිදි කතක් දූෂණයකර ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් කරන්දෙණිය පොලීසිය විමර්ශනයක් ආරම්භකර තිබේ.

    මෙම කාන්තාව ඇය පදිංචි නිවසේ වැටී සිිටියදී පසුගිය 21 වෙනිදා ඇල්පිටිය රෝහලට ඇතුලත්කර ඇත. ඇය ඒ වන විටත් සිට ඇත්තේ කිසිවක් කථාකරගත නොහැකිව අසාධ්‍ය තත්ත්වයෙනි.

    එම්. මේලින් නෝනා නැමැති ඇය දින කිහිපයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිට පසුගිය 25 වෙනිදා මියගොස් ඇත.

    මෙම මරණය සම්බන්ධයෙන් කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ඇය දූෂණයට ලක්ව ඇති බවය. ඇයව දූෂණයකර මරා දමා ඇති බව සැකකරන බව අධිකරණ වෛද්‍යවරයා විසින් ප්‍රකාශකර තිබේ.

    ඒ අනුව නැවතත් 29 වෙනිදා පශ්චාත් මරණ පරීක්සණයක් පවත්වා මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වීමට නියමිතව ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.