fbpx
තවත්
    මුල් පිටුවspecialකැනඩාවේ තවත් නිවසක් තුළ පවුලක්ම මරුට

    කැනඩාවේ තවත් නිවසක් තුළ පවුලක්ම මරුට

    කැනඩාවේ ඔන්ටාරියෝ හි බ්‍රැම්ප්ටන් ප්‍රදේශයේ නිවසක් තුළ තිදෙනෙකුගෙන් යුත් පවුලක්ම සැකසහිත ලෙස ගින්නෙන් මියයාමේ සිද්ධියක් විමර්ශනය කිරීමට රහස් පරීක්ෂකයින් පියවර ගත් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

    තිදෙනකුට මරු කැඳවූ මෙම ගින්න අහම්බයක් නොවන බව ඔන්ටාරියෝහි ගිනිගැනීම් පිළිබඳ විමර්ශන කාර්යංශය නිගමනය කර ඇත.

    අපගේ මිනීමැරුම් ඒකකය (ඔන්ටාරියෝ) ෆයර් මාර්ෂල් සමඟ විමර්ශනය කරන බව අපි නිවේදනය කර ඇත්තෙමු, ”කොන්ස් ටයිලර් බෙල් සිකුරාදා පැවසුවේ, ගින්නෙන් දිනකට පසුව සිරුරු ස්ථානගත වූ බව පැහැදිලි කරමින්.

    මාර්තු 7 වෙනිදා පස්වරු 1.30 ට පමණ පාරේ කෙළවරේ පිහිටි නිවසේ සිදුවූ ගින්නෙන් නිවස මුළුමනින්ම දැවී ගොස් තිබූ අතර මළසිරුරු සොයාගෙන තිබුණේ පසුදින ය.

    පිළිස්සුණු නටබුන්වලින් සොයා ගත් වින්දිතයින් තිදෙනාගේ නම් නිකුත් කරන ලදී. ඔවුන් ඉන්දියානු සම්භවයක් සහිත 51 හැවිරිදි රජිව් වාරිකෝ, ඔහුගේ බිරිඳ ශිල්පා කෝතා (47) සහ ඔවුන්ගේ දියණිය මහීක් (16) යන අය ලෙස පැවසෙන අතර, මළ සිරුරු සුන්බුන් අතර තිබී හමුවී ඇත.

    ටොරොන්ටෝ පොලිසිය තහවුරු කළේ රජිව් වාරිකෝ (පියා) ඔවුන්ගේ ආරක්ෂක සේවා ස්වේච්ඡා නිලධාරි සහායක වැඩසටහනේ සාමාජිකයෙකු බවයි. ඔහු 2016 දී සිය රාජකාරි අවසන් කර ඇත.

    “අපගේ අපරාධ විමර්ශන ඒකකය (ඔන්ටාරියෝ) ෆයර් මාර්ෂල් සමඟ මේ පිළිබඳ විමර්ශනය කරන බව අපි නිවේදනය කළා” යිලර් බෙල් සිකුරාදා පැවසුවේ ය.

    මෙම නිවසේ විශාල පිපිරුම් ශබ්දයක් ඇසුණ බවත් ඒ සමඟම පැමිණ බලන විට නිවස මහා ගින්නකින් දැවෙමින් තිබූ බවට අසල්වැසියකු පවසා තිබුණි.

    බ්‍රැම්ප්ටන් ගිනි නිවීමේ ප්‍රධානීයා එය මැඩලීමට අතිශයින් දුෂ්කර ගින්නක් ලෙස හැඳින්වූ අතර ගිනි නිවන භටයන් පැමිණෙන විට නිවස සම්පූර්ණයෙන්ම ගිනිගෙන තිබූ බවත් ගින්න යාබද නිවසකට පැතිරී තිබූ බවත් පැවසීය.

    විමර්ශකයින් කැනඩා වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ කිසිවකු සතුව හෝ මේ පිළිබඳ තොරතුරක්, වීඩියෝ, ඩෑෂ් කැම් වීඩියෝ හෝ ඇත්නම් ඒ පිළිබඳ පොලීසියට ලබාදී විමර්ශනයට සහය පළකරන ලෙසයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img