fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීනයේ ආනයන අපනයන ඉතිහාසයේ නව වාර්තාවක්

    චීනයේ ආනයන අපනයන ඉතිහාසයේ නව වාර්තාවක්

     
    තම රටේ විදේශ වෙළඳාම 8.7% ක වාර්තාගත වර්ධනයක් අත්කර ගනිමින් මේ වසර සඳහා ශක්තිමත් ආරම්භයක් ලබා ගෙන ඇති බව චීනය කියාසිටී. චීන නියෝජ්‍ය වෙළඳ ඇමතිනි Guo Tingting මහත්මිය මේ බව කියාසිටියේ,  චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලය 26 වැනිදා පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
     
     චීනයේ මෑතකාලීන නිෂ්පාදන, පරිභෝජන, ආනයන සහ අපනයන පිළිබඳ දත්ත සහ ප්‍රතිපත්ති එහිදී විග්‍රහ කෙරිණ.
     
    මෙම වසරේ පළමු මාස දෙක තුළ, චීනයේ භාණ්ඩ ආනයනය හා අපනයනය යුවාන් ට්‍රිලියන 6.6 ක් වූ අතර, එය පසුගිය වසරේ අදාළ  කාලසීමාවට සාපේක්ෂව 8.7% ක වැඩි වීමකි. මෙම පරිමාණය ඉතිහාසයේ නව වාර්තාගත අගයක් බවත්, පසුගිය වසරේ සිව්වැනි කාර්තුව හා සසඳන විට ආනයන අපනයන වර්ධන වේගය 7% කින් පමණ වේගවත් වී ඇති බවත් ඇය සඳහන් කළා ය.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img